පරිගණක වෛරස

Article on other languages:

del.icio.us del.icio.us
Digg Digg
Furl Furl
Reddit Reddit
Rojo Rojo
Add to OnlyWire

පරිගණක වෛරස යනු ස්වයංව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවෙයි. මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරයි.


පටුන

වෛරස් වර්ග

Boot Sector Viruses

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.


Companion Viruses

Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය. පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.


Email Viruses

විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි.


Logic Bombs and Time Bombs

පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි.


Macro Viruses

Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.


Cross-site Scripting Virus

මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි.


Trojan Horses

පිටතින් නොපෙනී සිට සැගවී පහර දෙන වෛරස


Worms

පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.

This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.


Giant Panda

Mercedes Car
James Bond Guide
This site monitored by SitePinger.net